ස්ත්‍රී දූෂණය, ලිංගික පහරදීම, ලිංගික අපයෝජනය හෝ එබදු ක්‍රියාවකට උත්සාහ කිරීම වැනි ශාරීරික ස්වභාවයේ පහරදීම් ප්රචණ්ඩ ක්‍රියා.
වින්දිතයාගේ අකැමැත්ත නොසළකා, ලිංගික අරමුණක් සහිතව කරනු ලබන ඕනෑම ක්‍රියාවකි. (ශාරීරික, වාචික, අභිනයාත්මක, දෘෂ්‍ය හෝ ලිඛිත) එම ක්‍රියාවට භාජනය වන පුද්ගලයාට එහි බලපෑමෙන් ශාරීරික හෝ මානසික හානියක් සිදු වේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගික ඒකාකෘති, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය හෝ ප්රකාශනය/ඉදිරිපත් කිරිම මත පදනම්ව කරනු ලබන ඕනෑම ආකාරයේ වාචික හෝ වාචික නොවන, ග්රැ*sක්, ශාරීරික හෝ වෙනත් අතවරයකි. එම අතවරය ලිංගික ස්වභාවයේ හැසිරීමකට සම්බන්ධ නොවුනද පසමිතුරු පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වේ.
පරිපාලන, අධ්‍යාපන, අධ්‍යාපන සහයක සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය (ස්ථීර හෝ තාවකාලික), ශිෂ්‍යයින්, ස්වේච්ඡා සේවකයින් සහ බාහිර සේවා සපයන සේවා දායකයින් මෙම ප්‍රතිපත්තියෙන් ආවරණය කෙරේ.
පරිපාලන, අධ්‍යාපන, අධ්‍යාපන සහයක සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය (ස්ථීර හෝ තාවකාලික), ශිෂ්‍යයින්, ස්වේච්ඡා සේවකයින් සහ බාහිර සේවා සපයන සේවා දායකයින් මෙම ප්‍රතිපත්තියෙන් ආවරණය කෙරේ.
ශිෂ්‍යයින් අතර, කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සහ කාර්ය මණ්ඩල ශිෂ්‍යයින් අතර සිදුවන සියලුම අතවර හා ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් මෙම ප්‍රතිපත්තියෙන් ආවරණය කෙරේ.
පැමිණිලිකරු හා චූදිතයා නිළ වශයෙන් සිටින ස්ථානය මෙම ප්‍රතිපත්තියේ අරමුණුවලට අනුව "විශ්වවිද්‍යාලය" ලෙස සැලකේ. විශ්වවිද්‍යාලයේ අනුග්‍රහය යටතේ, විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී හෝ එයින් පිටතදී සිදුකරන සියලුම ක්‍රියාවන් මෙම ප්‍රතිපත්තියෙන් පාලනය කෙරේ.
මෙම ප්‍රතිපත්තියෙන් පාලනය වන සියලුම පුද්ගලයින්ට; හෝ වින්දිතයාට පුද්ගලිකව හෝ වෘත්තීමය සබදතා ඇති තුන්වෙනි පාර්ශවයේ අයෙකුට පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට සෘජුවම හෝ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් අතවර හා ලිංගික ප්රචණ්ඩත්වය නිරීක්ෂණ කමිටුවේ සාමාජිකයින්ට හෝ අදාල අංශ ප්‍රධානියා පීඨාධිපති/විනයපාලක/ශිෂ්‍ය උපදේශක/අධ්‍යයන උපදේශක මගින් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
වාචිකව හෝ ලිඛිතව, නිර්නාමිකව හෝ ඔබගේ නම යටතේ පැමිණිලි කළ හැකිය. මාර්ග ගත (අන්තර්ජාල) පැමිණිලි ලිඛිත පැමිණිලි ලෙස සළකනු ලැබේ. වාචිකව ඉදිරිපත් කල පැමිණිල්ලකදී, විමර්ෂණයට පෙර එය ලිඛිතව ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු බැදී සිටී. නිර්නාමික පැමිණිල්ලකදී විමර්ශණයට පෙර එහි නිරවද්‍යතාවය තහවුරු කළ යුතු වේ.
පැමිණිලිකරුවන්ට හෝ සාක්ෂිකරුවන්ට එරෙහි ප්රතිහිංසනය හෝ පළිගැනීම් සපුරා තහනම් වේ.
අසත්‍ය චෝදනා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අතවරයක් හෝ ලිංගික ප්රචණ්ඩත්වය සමාන ස්වරූපයේ ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ.